
කොළඹ - නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ. ඇය 29වන මහලෙහි සිට ඇති බවත් ඇගේ සිරුර 03වැනි මහලේ තිබී සොයාගෙන ඇත. මෙය ඇද වැටීමක්ද එසේත් නොමැතිනම් සියදිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. ඇගේ බෑගයේ තිබී පාසල් නිල ඇඳුමක් සහ පාවහන් යුගලයක් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. එම අවස්ථාවේදී මෙම සිසුවිය පාට ඇඳුමින් සැරසී සිට ඇති අතර ඇය තනිව නෙළුම් කුලුණ නැරඹීමට පැමිණ ඇති බවත් සඳහන්. මෙම සිසුවියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Comments