පාකිස්තානයේ නීතිවිරෝධීව රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් පිටුවහල් කරයි
- News Room
- Apr 20
- 1 min read

නීතිවිරෝධීව පාකිස්තානයේ රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම මාසයේ ගතවූ කාලය තුළ ඇෆ්ගනිස්තාන ජාතිකයින් 19,500 දෙනෙකු පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.
පාකිස්තානයේ නීතිවිරෝධීව රැදී සිටින ඇෆ්ගනිස්තාන වැසියන් 80,000ක පමණ පිරිසකට අප්‍රේල් මස 30 වනදාට පෙර එරටින් පිටව යන ලෙස පාකිස්තාන බලධාරින් මේ වනවිට දැනුම්දීම් සිදුකර තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය පාකිස්තාන රජය වෙත දැඩි කනස්සල්ල පළකර ඇත.
Comments