top of page

පාකිස්තානය සහ බංග්ලාදේශය ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට

News Room


ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සත්කාරක පාකිස්තානයට සහ බංග්ලාදේශ කණ්ඩායමට සිදුවුණා. ඒ, ඊයේ නවසීලන්තය සමග පැවති තරගය කඩුලු 05 කින් බංගලාදේශය පරාජය වීමත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 236 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය, පන්දුවාර 46 යි එක් පන්දුවක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් පමණක් දැවී තිබියදීයි.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම ඒ කාණ්ඩයේ පෙරමුණට පැමිණි අතර, දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි. සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වූ බංගලාදේශය සහ පාකිස්ථානය පිළිවෙළින් තුන්වන සහ අවසන් ස්ථානයේ පසුවනවා.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page