top of page

පොඩී ලැසී ඇපමත නිදහස්

News Room


අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තාට අද බලපිටිය මහේස්තාත් ආර්.ඩී.ජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය. බළපිටිය මහාධිකරණයෙන් නියෝග කරන ලද රුපියල් ලක්ෂ දහයක වත්කම් ඇපයක් අද(9) සම්පූර්ණ කිරීම සැලකිල්ලට ගත් මහේස්තාත්වරයා අරුමාහන්දි ජනිත් මධුසංක නමැත්තාට ඇප ලබාදෙන ලෙස මහේස්තාත්වරයා අද(9) නියෝග කළේය.

ඇපලැබූ ජනිත් මධුසංක නමැත්තා බළපිටිය අධිකරණ භූමියෙන් පිටව මෝටර් රථයක නැගී ඔහු පදිංචි තෙල්වත්ත දෙසට නොව කොළඹ දෙසට යන අයුරු දැකගත හැකිවිය. අද (9) ජනිත් මධුසංක නමැත්තාට එරෙහිව අම්බලන්ගොඩ පොලීසිය විසින් මත් කුඩු ලග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනු කොට තැබූ නඩුවක් සැලකිල්ලට ගනිමින් මෙසේ ඇප නියම කරනු ලැබීය.

3 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page