top of page

පැරිස් ඔලිම්පික් උළෙලේ කොවිඩ් වසංගතය හිස ඔසවන ලකුණු

News Room

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කොවිඩ් වසංගතය පැතිර යනු ඇතැයි බියක් හටගෙන තිබෙනවා.

ලෝකයේ ඉහළම පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් පමණ ඔලිම්පික් උළෙලේ තරග කිරීම පිණිස පැරිසියට පැමිණ සිටින අතර මින් අවම වශයන් 20 දෙනෙක් පසුගිය දෙසතිය තුළ කොවිඩ් රෝගයට ගොදුරු වී සිටිනවා.


ඔලිම්පික් තරග බිම් කොවිඩ් වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වූ අලුත් ම ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ මීටර් 100 ඉසව්ව ජය ගනිමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්ව සිටින අමෙරිකාවේ නෝව ලයිල්ස්.



කොවිඩ් රෝගී ලැයිස්තුවට බ්‍රිතාන්‍ය පිහිනුම් ක්‍රීඩක Adam Peaty සහ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Zac Stubblety-Cook හා Lani Pallister ඇතුළු ඔස්ට්‍රේලියානු ජලක්‍රීඩා කණ්ඩායමේ පස් දෙනෙකු ද ඇතුළත්ව සිටිනවා.


ඔලිම්පික් උළෙලේ ඉදිරි තරග අවුල් කිරීමේ හැකියාව SARS-Co V-2 වෛරසයට තවමත් තිබෙනවා.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page