top of page

ප්‍රවීණ රංගන ශිල්පිණී කුමාරි පෙරේරා සිය දිවි ගමන නිමාකරයි

News Room


ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය. නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පි ටී. ෂෙල්ටන් පෙරේරාගේ සහ රංගන ශිල්පිණී සූරියරාණි පෙරේරාගේ නැගණියක වන ඇය අට හැවිරිදි වියේදී වේදිකා රංගනය පිවිසියේ " වෙස්සන්තර' නාට්‍යයේ 'ක්‍රිෂ්ණජිනා'ගේ චරිතය රංගනය කරමිනි.

ඇය පැරණි ටවර්හෝල් නළු නිළි යුවළක් වූ ටි විල්බට් පෙරේරාගේ සහ සෝමකාන්තාගේ දියණියක වූ ඇය ප්‍රවීණ සංගීතවේදී  රංජිත් යාපා ද අල්විස් ඇයගේ ස්වාමි පුරුෂයාය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද  "සිංහබාහු" නාට්‍යයේ සිංහ සීවලී ලෙසද රංගනයෙන් දායක වූ ඇය "පොද වැස්ස", "බෝඩිම", "ඉරට හඬන මල්", "කන්දෙ ගෙදර", "කෝපි කඩේ" වැනි ටෙලිනාට්‍ය ගණනාවක ද රංගනය කළ අතර ගුවන් විදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිණියක ලෙසින් ද කටයුතු කළාය.

ඇය සිනමාවට පිවිසියේ "වෙසතුරු සිරිත" චිත්‍රපටයේ ළමා චරිතයකිනි. "සිකුරු දසාව", "තෙවත" සහ "ගිනි අවි සහ ගිනි කෙළි" වැනි චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූවාය. මියයනවිට 69 වැනි වියෙහි පසුවූ ඇයගේ අවසන් කටයුතු පිළිඹඳව පසුව දැනුම්දෙනු ලැබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page