top of page

පොල් කිරි සහ ජෙලි මුවාවෙන් රට යැවීමට සූදානම් කළ මත්කුඩු තොගයක් අත්අඩංගුවට

News Room


දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල් කිරි සහ ජෙලි අපනයනය කරන මුවාවෙන් කටාර් රාජ්‍යයට යැවීමට සූදානම් කොට තිබූ මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 200ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි ගණේමුල්ල පොලීසිය පැවසුවේ.

සැකකරු ගණේමුල්ල, තිබ්බොටුගොඩ ප්‍රදේශයේ නිවසකදී මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. පොලීසියට ලද තොරතුරක් මතයි සැකකරුගේ නිවස වැටලා තිබෙන්නේ.

එහිදී සැකකරු විසින් වෙළඳ සලෙන් රැගෙන ආ බඩු අතර පොල් කිරි පැකට් සහ ජෙලි පැකට්ටු පොලිසියට පෙන්වා තිබෙනවා. මේ අතර සැක සහිත පොලිතීන් ආවරණ ඉවත්කර බැලීමේදී ඒ තුල මෙම මත්ද්‍රව්‍ය සූක්ෂමව අසුරා තිබුණු බවයි පොලිසිය පැවැසුවේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page