top of page

පොළොන්නරු මහේස්ත්‍රාත්වරයාගේ නිවසට රතිඤ්ඤා දාලා

News Room


පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර තාප්පෙන් විසිකර ඇති බව පොළොන්නරුව පොලිසිය පවසයි. මාර්ගයේ සිට රතිඤ්ඤා කරලක් පත්තු කර තාප්පයෙන් විසිකර ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය කියයි. රතිඤ්ඤා කරල පත්තු කර විසිකරන විට මහේස්ත්‍රත්වරයාගේ මව සහ පියා නිල නිවසේ සිටි ඇති බවත් ඒ මොහොතේ ආරක්ෂාවට පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සිට ඇත. නිල නිවස වටා අඩි පහකින් උසින් යුක්ත තාප්පයක් තිබෙන අතර එම තාපයට උඩින් රතිඤ්ඤා කරලපත්තු කර විසිකර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page