top of page

පසුගිය ගංවතුරට ගොවිබිම් අක්කර 80,000කට හානි

News Room


අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගොවිබිම් අක්කර 80,000කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

2024/25 මහ කන්නයේ 2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වගා හානි සිදු වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වනවිටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන්, ගොවි සංවිධානවල සහභාගිත්වයෙන් සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

ඉන් පොලොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව මේ වනවිට අවසන් වී ඇති අතර එම දිස්ත්‍රික්කවලට අදාළ අවසන් වාර්තා ලද පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකවල වගා හානි පරීක්ෂාව එළැඹෙන 29 වනවිටත්, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව දෙසැම්බර් මස 30 වනවිටත් අවසන් කිරීමට නියමිතයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page