top of page

බංගලාදේශයට වුන දේ පාකිස්ථානයටත් අත ළඟ

News Room


බන්ධනාගාරගත කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එළඹෙන 30 වැනිදාට ප්‍රථම නිදහස් කරන ලෙස පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය එරට රජයට අවසන් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශයේ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය සාර්ථකව එරට රජය පෙරළා දැමීමත් සමග පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය සිටින තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකි බවට හැඟීමක් ඇතිව තිබෙන බව පෙනෙන්නට ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් ඉන් පකිස්තානයේ වත්මන් දේශපාලන තත්වය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය ප්‍රකාශ කළේය.

එසේම මේ වනවිට ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයද ඉම්රාන් ඛාන්ව නිදහස් නොකළහොත් දැවැන්ත විරෝධතාවක් මෙම මස අවසානයේදී ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර ඇත.

0 views0 comments

ความคิดเห็น


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page