top of page

බන්ධනාගාර රැඳවියන් 350 කට විශේෂ රාජ්‍ය සමාවක්

News Room


හෙටට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක නිවේදනය කළේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස විශේෂ රාජ්‍ය සමාව පිරිණැමෙන බවයි.

ඒ අනුව, දිවයිනේ සියලුම බන්ධනාගාර මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලැබූ සුඵ වැරදි සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු හෙට දිනයේදී නිදහස් කිරීමට නියමිතයි.

මේ අතර සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා හෙට දිනයේදී විශේෂ අවස්ථාවක් හෙවත් ඕපන් විසිට් අවස්ථාවක් ලබාදීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page