
බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක තිබී ජීව උණ්ඩ 123 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම ජීව උණ්ඩ තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කිරීමේදී මෙය සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවෙකු නොමැති ජීව උණ්ඩ 123 අතර පිස්තෝල උණ්ඩ 113 ක්, ටී56 උණ්ඩ 09ක් හා ටී 56 එල්එම්ජී උණ්ඩයක් තිබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Comments