top of page

බස් රථයක් හා වෑන් රථයක් ගැටී 12ක් රෝහලේ

News Room


කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් තරුණියන් 8 දෙනෙකු ඇතුළු 12 දෙනෙක් කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පසුව ඉන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත. අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පිරිසකි.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්දකැටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page