top of page

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයෙන් නැව් යළි හැරීයයි

News Room


බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වනබව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ, ඔරුගොඩවත්ත RCT අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට අද (15) එක් වූ අවස්ථාවේදීය. ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදයට කඩිනම් විසඳුම් සැපයීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉරිදා අදාළ පාර්ශ්ව කැඳවා සාකච්ඡා කළේය.

එහිදී දින 7ම පැය 24ම රාජකාරී කිරීමට රේගු නිලධාරීන් ජනපතිවරයට එකඟ වූහ. බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ එම සාකච්ඡාවෙන් පසු නිෂ්කාශන ක්‍රියාවලිය මේ වනවිට කඩිනමින් සිදුවෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් ඔරුගොඩවත්ත රේගු අංගනය අසල තවදුරටත් පෝළිම් දක්නට ලැබේ. ආනයන අපනයන නිෂ්කාශන නියෝජිතයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ, නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට නම් මෙම ක්‍රියාවලියට අදාළ සියලුම ආයතන පැය 24ම සේවය සැපයීම අවශ්‍ය බවයි.

Commentaires


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page