top of page

මාතලේ බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් 3ක් ජීවිතක්ෂයට

News Room


මාතලේ, ලග්ගල එලවාකන්ද ප්‍රදේශයේදී අද (14) සවස බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ රාත්‍රී 7:30ට පමණ එම අනතුර සිදුව ඇති බවයි. එහිදී විල්ගමුව පොලිස් වසමේ දඹුල්ල - මහියංගණය මාර්ගයේ එලවාකන්ද ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය කළ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැන් රථයක ගැටී තිබුණි. අනතුරුව බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇත.

බස් රථයේ සිටි 37 දෙනෙක් සහ වෑන් රථයේ සිටි 05 දෙනෙක් තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී බස් රථයේ සිටි දෙදෙනෙක් සහ වැන් රථයේ සිටි එක අයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අප වාර්තාකරු පැවසුවේ එම බස් රථය විනෝද චාරිකාවක් යන අතරතුරදී එම අනතුරට ලක්ව ඇති බවයි.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page