මෝදිගේ නිල සංචාරයට සමගාමීව ඉන්දීය ධීවරයින් 14කට නිදහස
- News Room
- 6 days ago
- 1 min read

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගිය 05 වැනිදා ඉන්දීය අගමැති මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම නිදහස් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සහ පවතින දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
Comments