top of page

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට අවසන්

News Room


මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද 12 වන දින වන විට ඉවත් කළ යුතු බවය.

"මේ වන විට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා තිබෙනවා. එම කාර්යාලවලින් ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ල 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගත යුතු වෙනවා. 12 මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගන්නට හැකියාව ලැබෙන්නේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාසයට එකක් වශයෙන් පිහිටුවා තිබෙන කාර්යාලය. 

ඒ වගේම ඒ දිනයේ සිට අපේක්ෂකයින්ට හැකියාව තිබෙනවා මැතිවරණ කොට්ඨාසයටම එක් කාර්යාලයක් පිහිටුවා ගන්නට. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඒ කාර්යාල කිසිවක සැරසිල්ලක් හෝ වෙනත් කිසිදු ප්‍රචාරණ කටයුත්තක් කිරීමට හැකියාව නැහැ."

2 views0 comments

Komentarze


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page