top of page

යුක්‍රේනයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියන් ප්‍රහාරයක්

News Room


රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් නිවාස 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් 59 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම ඊසානදිග යුක්‍රේනයේ කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සතිය තුළදීද තම රටට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බවයි යුක්‍රේනය නිවේදනය කර ඇත්තේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page