යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා පත්‍ර භාරදෙයි
- News Room
- Apr 4
- 1 min read

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට්ට අද (04) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.
විත්තිකරුවන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණු අතර, පූර්ව නඩු විභාග මැයි මස 30 වැනිදා පැවැත්වීමට ද අධිකරණය නියෝග කරනු ලැබුවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.
Comments