සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ළඟා වී තිබෙනවා.
එය වේගයෙන්ම මිලියනයේ ග්‍රාහකයින් සංඛ්‍යාවක් පසු කළ යූටියුබ් නාලිකාව ලෙස ලෝක වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
UR.Cristiano නම් මෙම නාලිකාව නිකුත් කර ගතවූ පලමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම පසු කර ඇති අතර මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ද පසු කර අවසන්.
මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන 'Sidemen Reacts' මෙම වාර්තාව තබා තිබුනා.
Comments