රැස්වීමකට සහභාගි වු සී.බී. රත්නායකට පාක්ෂිකයන්ගේ විරෝධය
- News Room
- Oct 27, 2024
- 1 min read

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්වීමකට සහභාගි වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා සභාව ඇමතීමට උත්සහ කිරීමේදී පාක්ෂිකයන්ගේ විරෝධය මතු වී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සඳහා තරග කරන අපේක්ෂකයන් හඳුන්වාදීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබු අතර, එහිදි සී.බී. රත්නායක මහතා රැස්වීම ඇමතීමට සුදානම් වීමත් සමග පාක්ෂිකයන් කෑගසමින් කියා සිටියේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසීමට පමණක් බවත්, සී.බී. රත්නායක මහතාගේ කතාව ඇසීමට නොවන බවයි.
මද වේලාවක් එම උණුසුම් තත්ත්වය පැවති අතර පසුව නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් පසු සී.බී. රත්නායක මහතා රැස්වීම අමතනු ලැබූහ.

Comments