top of page
News Room

රජයේ සේවකයන්ට ලබන වසරේ වාසියක්



රජයේ සේවකයන්ට ජීවන දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැළපීම් හා මේ වනවිට එක්කර ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කර මාසිකව රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබන වසරේ සිට ගෙවීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (13) පැවැසීය.

සෑම වසර 3කට වරක් සංශෝධනය කරන සේ මෙම දීමනාව ගෙවීමට නියමිත යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව රාජ්‍ය සේවයේ අවම මාසික වැටුප 24%ත් 35%ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවෙනු ඇතැයි කී හෙතෙම මෙමඟින් පහළම ශ්‍රේණියේ කම්කරුවකුගේ අවම වැටුප පවා රුපියල් 55,000ක් පමණ වනු ඇතැයි අවධාරණය කළේය.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කළ කමිටුවෙන් සකස් කළ වාර්තා නිර්දේශ අනුව රජය මෙම තීරණය ගෙන ඇතැයි ගුණවර්ධන මහතා කීය.

එම කමිටු යෝජනා 2025 වර්ෂයේ අය-වැයට ඇතුළත් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.

සමස්ත රාජ්‍ය සේවයේ සියලු තනතුරු ප්‍රධාන

මට්ටම් 4ක් යටතේ වර්ගීකරණය, ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහාද බඳවා ගැනීමේ මූලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම, අනෙකුත් සියලුම සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවා ගැනීම, ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මෙම නිර්දේශ අතර ඇත.

එසේම 2030 වන විට සමස්ත රාජ්‍ය සේවය ලක්ෂ 10ක් හෝ ඊට අඩු මට්ටමකට ගෙන ඒම, රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ද ඇතුළත්ව මාසික අවම රුපියල් දාහක දායකත්වයක් සහිත වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමි වන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීම හා සියලුම රාජ්‍ය සේවකයන් සඳහා කාර්යසාධන දර්ශක සකස් කොට එහි ප්‍රගතිය පදනම් කරගනිමින් වැටුප් වර්ධක ලබාදීම ඇතුළු තවත් නිර්දේශ රැසක් ඒ අතර තිබේ.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page