top of page

'රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ' - ජනපති

News Room


රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් ක්‍රියාත්මක වන බවත් පොදු මහජනතාවගේ ආරක්ෂාවට එය තර්ජනයක් බවට පත්ව නොමැති බවයි අද (23) මහනුවර ශ්‍රී ද​ළදා මාලිගාව වැඳ පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම පාතාල කණ්ඩායම් දීර්ඝ කාලයත් තිස්සේ වර්ධනය වී ඔවුන්ගේ සම්බන්ධතාවයන් විවිධ ආයතන දක්වාම පැතිරගොස් ඇති බවත් එය විනාශකාරී ජාලයක් දක්වා වර්ධනය වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එය මැඩ පැවැත්වීම සඳහා දැඩි උත්සාහයක් දරණ බවත් දේශපාලන රැකවරණයක් නොමැති නිසා මෙය මැඩපැවැත්විය හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේම මෙය හුදෙක් පාතාල කල්ලි අතර ගැටුමක්ද නැතහොත් කවර හෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කොට මෙහෙයවනවාද යන සැකය ගොඩනැගෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page