top of page

රටවල් 35කට වීසා රහිතව ලංකාවට ඇතුළුවීමට අවසර

News Room


වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම අවසරය මාස 06ක කාලයක් සඳහා ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව,ස්විට්සර්ලන්තය සහ ජපානය ඇතුළු රටවල් 35ක පුරවැසියන් සඳහායි මෙම අවසරය ලබා දී ඇත්තේ.

ඒ අනුව, වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට 2024 ඔක්තෝම්බර් 01 වැනිදා සිට අවසර හිමිවෙනවා.



2 views0 comments

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page