top of page

රතු නිවේදන නිකුත් කර තිබූ තවත් දෙදෙනෙක් ඉන්දියාවේ සිට දිවයිනට

News Room


වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (20) අලුයම ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන විත් තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා ඉන්දියාව වෙත පළාගොස් සිටි අතර, ඔවුන්ට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබුණු බවත්, ඒ අනුව සැකකරුවන් දෙදෙනා එරට දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මොවුන් අතරින් එක් අයෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ නැමැති පුද්ගලයෙක් වන අතර, අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නැමැති අයෙක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page