top of page

රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29 දා

News Room

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා  (29) එළිදක්වයි.



"පුලුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ.

රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් වලට යහපත් රටක් ගොඩනැගීම "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවධානය යොමු කර තිබෙන බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.

3 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page