top of page

ලොව වැඩිම පිරිසක් සහභාගී වන ආගමික උත්සවය අද ඉන්දියාවේ ආරම්භ වෙයි

News Room


ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික උත්සවය අභ්‍යවකාශයට පවා පෙනෙන බව මාධ්‍ය වාර්තා පවසයි.

කුම්බමේලා ආගමික උත්සවය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ප්‍රයාග්රාජ්හිදීය. සෑම වසර 12 කට වතාවක් පැවැත්වෙන කුම්බ මේලා උත්සවය මෙවර දින 45 ක් පුරා පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි. මෙම වසරේ ද මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන් මෙම උත්සවයට සහභාගී වනු ඇති බව ද අපේක්ෂා කෙරේ.

උත්සවයේ ආරක්ෂාවටත්, පැමිණෙන බැතිමතුන් ඇතුළු පිරිස පාලනයටත් පොලිස් නිලධාරීන් 40,000 ක් ද ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂයක පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page