top of page

විජිත් විජයමුණි ද සොයිසා අත්අඩංගුවට

News Room


හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කර ගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි. ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් විජිත් විජයමුණි ද සොයිසා විසින් මෙලෙස වෙනත් වාහනද එකලස් කිරීමක් සිදුකර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවද පොලීසිය පවසයි. එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත. එහිදී ඔහු ඔහු පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page