top of page

විජයමුණි සොයිසාගේ සහයත් රනිල්ට

News Room


සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කල විජයමුණි සොයිසා අද (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. 

හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා ඌව මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35879 ලබාගෙන අංක 6ට පැමිණියේය. ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී ලයිස්තුවේ යම් පුරප්පාඩුවක් සිදුවුවහොත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව ඇත්තේ ද ඔහුය.දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අද (10) දහවල් 10ට විජයමුණි සොයිසා විසින් බිබිල විජයමුණි සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රිඩාංගනයේ දී දැවන්ත ජනරැලියක් සංවිධානය කර තිබේ.මෙම ජනහමුවේ වේදිකාවට එජාප, පොහොට්ටු, සජබ ආදී සියලු පක්ෂ වල ජනතා නියෝජිතයන් ගොඩ වදිනු ඇතැයි ද පැවසේ.

 
 
 

Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page