top of page

විදුලි ජනන යන්ත්‍රයක දුම අග්‍රහණය වීමෙන් 4 දෙනෙක් රෝහල්ගත කරයි

News Room


විදුලි ජනන යන්ත්‍රයක දුම අග්‍රහණය වීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිව්දෙනෙක් රෝහල් ගතකර ඇත. අද (09) පෙරවරුවේ සිදු වූ විදුලිය බිඳ වැටීම හේතුවෙන්, බගවන්තලාව ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් ඇතුළත විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී විදුලි ජනන යන්ත්‍රයෙන් පිට වූ දුම අග්‍රහණය වීම හේතුවෙන් වෙළෙඳසැලේ සිටි සේවකයන් සිව්දෙනෙකු රෝගාතුරු වී බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත මෙලෙස ඇතුලත් කර ඇත. රෝහල් ගතකළ සේවකයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිටියි. ඔවුන් අවුරුදු 25-35ත් වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන් වේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page