top of page

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්ය කෙරේ

News Room


මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඔවුන් ලබාගන්නා වී පිළිබද දත්ත පද්ධතියක් නිර්මාණය කර එමගින් වී තොග සගවා ගැනීමට නොහැකි අයුරින් වැඩපිළිවෙළක් සකස් කිරීම එහි අරමුණ බවය. නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා පැවසුවේ හිගයකින් තොරව සහල් සැපයීමේ අරමුණින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය. වී සහ සහල් සදහා සහතික මිලක් එකවර තීරණ කර ගැසට් කිරීමට රජය අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page