විමල් මහ මැතිවරණයට තරග නොකරන බව කියයි
- News Room
- Oct 10, 2024
- 1 min read

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අනුර දිසානායක ජනාධිපතිවරයා "දෙවන - ගෝඨාභය" බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවය.
එහෙත් තම පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද ඉතා වගකීමෙන් යුතුව පවසන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වීරවංශ මහතා සිය නිවේදනයේ පිටපත් මහා සංඝරත්නය, මැතිවරණ කොමසමේ සභාපති සහ සියලු දේශපාලන පක්ෂ වෙත යොමුකර ඇති බව සඳහන් ය.
留言