වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක විභාගය අවසන් කළ කොළඹ මහාධිකරණය එහි තීන්දුව දෙසැම්බර් මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව අද (30) නිවේදනය කළේය.
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි 17කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින්, මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස වෙලේ සුදාගේ බිරිඳ හා ඥාති සොහොයුරියක් නම් කර තිබුණි.
ඒ අනුව දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව නඩු විභාගය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා එහි තීන්දුව දෙසැම්බර් මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.
Comments