top of page

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයින් ධුරවලින් ඉල්ලා අස්වෙයි

News Room


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු එහි සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අමතරව උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත ඇතුළු සාමාජිකයින් ඊයේ (14) සිට සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබෙනවා.

වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page