දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා කිලෝවක් අද (12) දිනයේ හැටන් ප්‍රදේශයේ රුපියල් 2,000ක සිල්ලර මිලකට අලෙවිකර තිබේ.
මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතිනු ඇති බව වෙළෙඳුන් පවසයි. හින්දු ජනතාව ව්‍යංජන පිළියෙල කිරිමේදී සියඹලා බහුල වශයෙන් භාවිතා කරනු ලබයි. විශේෂයෙන් හින්දු ජනතාව විසින් පිළියෙල කරනු ලබන මිරිස් හොද්දට සහ තෛපොංගල් දින උත්සවයට සියඹලා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්ය.
Bình luận