top of page

වසර 27 කට පසුව ඉන්දියාව පරදා එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගත් ලංකාව

News Room

අද (7 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලංකාව ලකුණු 110 ක අති විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාසක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිමේදී සහභාගි වූ 300 වැනි එක්දින තරගය ද වෙයි. මෙම තරගය ජයගැනීමත් සමගම වසර 27 කට පසුව ඉන්දියාව හමුවේ පැවැති ද්විපාර්ශ්වික තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. 

හරියටම  වසර 27 කට පෙර, 1997 අගෝස්තු මාසයේදී ඉන්දියාව හා ලංකාව අතර පැවැති එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක ජයක් අත්කර ගත්තේය. එම තරගාවලියේදී ලකුණු 210 ක් සමග කඩුලු 5 ක් ද දවාගනිමින් තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය වත්මන්  ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වී සිටි.



0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page