
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිව යමින් ශ්‍රීලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙද්දී, ඔස්ට්‍රේලියානුවන් තරගාවලියට එක්වන්නේ චැම්පියන්ස් කුසලානයට පෙර සිය තුරුම්පු මුවහත් කර ගැනීමේ අරමුණ ඇතිවයි.
කැන්ගරුවන් සහ සිංහයින් වසර 3කට පසු මෙරටදී එක්දින තරගාවලියකදී මුණ ගැසෙන අතර අවසන් වරට දෙරට අතර 2022 වසරේදී පැවැති එක්දින තරගාවලිය තරග 3ට 2ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා. ආර්. ප්‍රේමදාස පිටියේ විඳුලි කුළුණුවල මේ දිනවලදී සිදු කරන නවීකරණය කටයුතු හේතුවෙන් කලකට පසු ප්‍රේමදාස පිටියේදී දිවා තරග ලෙසින් ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරග දෙකම පැවැත්වීමත් කැපී පෙනෙනවා.
Comments