top of page

ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති ලෙස ආචාර්ය මොතිලාල් පත් කෙරේ

News Room


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙකි. වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබුණි. ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබේ.

3 views0 comments

Komentáře


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page