top of page

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සුපිරි ජයක්

News Room


2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජය සමග පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාව දඩුවම් පහර 4 -2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර දෙවැනි අර්ධයේ සහ ලබාදුන් අමතර කාලයේදී ගෝල 2 ක් ලබා තරගය ගෝල 2-1 ක් ලෙස කාම්බෝජය පෙරමුණ ගෙන තිබුණා.

අතිරේක කාලයේ අවසන් විනාඩියේදී ගෝලයක් ලබාගත් ශ්‍රී ලංකාව ගෝල 2-2 ක් ලෙස සම කරමින් දඬුවම් පහර වෙත තරගය ගෙන යාමට සමත් වූවා. 

එහිදී දඬුවම් පහර 4-2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ මීලඟ තරගයට සුදුසුකම් ලබාගත්තා.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page