top of page

'සිගරට් බද්ද ගහන විදිය වැරදියි' - හර්ෂ



සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අනුව සිගරට් බද්ද පනවන ආකාරය සම්බන්ධයෙන් යළි අලුතින් සිතා බලා තීරණය කළ යුතු බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට රජය විසින් සිගරට් සඳහා බද්ද පනවන විට විශමතාවක් නිර්මාණය වන බවත්, ඒ හේතුවෙන් අලුත් සිගරට් ඉදිරිපත් කර පුද්ගලයින් ඒ වෙත පොළඹවා ගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ හේතුවෙන් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන සියලු දෙනා එක්වී සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page