සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි
- News Room
- Sep 11, 2024
- 1 min read

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 66 වන වියේ පසුවුණි.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය.
සේනක බටගොඩ මහතා දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගෙන සිටි අතර, 'අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා,හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම්' යන ගීත ගණනාවක නිර්මාණකරු ද වන්නේ ඔහුයි.
Comments