top of page

සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ සේවය අවසන් කිරීමට අනුමැතිය

News Room


සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ.ඩී.එන් ජයවීර පත් කිරිමට කැබිනට් අනුමැතිය හිමිවු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page