top of page

සජිත්ගේ පිළට මෛත්‍රීගේ සහය

News Room


ජනාධිපතිවරණයේදී විජේදාස රාජපක්ෂ ට සහාය පළ කිරීම සඳහා එකතු වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉන් ඉවත් වී සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීම සඳහා තීරණය කර ඇතැයි වාර්තාවේ.මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරු ආසන බල මණ්ඩලය පසුගිය දිනෙක කැඳවමින් ඉදිරි ජනාධිපතිවරණයේ සහාය පළ කළ යුත්තේ කාටදැයි විමසීමක් කර ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස ට සහාය පළකළ යුතු බවට තීරණය වී ඇත.ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් කොළඹට කැඳවා සාකච්ජාවක් පවත්වා ඇති අතර එහිදී තීරණය වී ඇත්තේද සජිත් ප්‍රේමදාස ට සහාය දැක්විය යුතු බවයි.එම සාකච්ඡා දෙකේදීම විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයක් නොකරන බව හා ඔහුට එම පක්ෂය රැවට්ටුණු බවද සාකච්ජාවට ලක්වී තිබේ.දයාසිරි ජයසේකර ගේ ලේකම් ධූරයට පැවති බාධාව අධිකරණ තීන්දුව අනුව ඉවත් වීමෙන් පසු එම පක්ෂයේ සංවිධායකයන් බොහෝ පිරිසක් ඔහු සමඟ කටයුතු කිරීමට එක්වී ඇති අතර ඔවුන්ද මේ වනවිට දයාසිරි ජයසේකර සමඟ සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට එක්වී තිබේ.


0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page