top of page

සජිත් දිනවන්න පක්ෂ - කණ්ඩායම් 10ක් හිටගනී

News Room

ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහයෝගය පළකිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්විණ.



ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය,  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තිලංග පාර්ශවය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා එක්වුනු අතර ඊට අමතරව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුලු විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම්ගත විය.

 
 
 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page