top of page

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති නියෝග නිකුත් කරයි

News Room


දිවයිනේ සියලු  පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය  පවත්වාගෙන යාම සඳහා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි   ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ  ගැසට් නිවේදනය ඊයේ  (26 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි.

 මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව    දිවයිනේ සියලු  පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ  ආශ්‍රිත  දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට  මෙලෙස  සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.




Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page