top of page

හොර හරක් ලොරියකට පානදුරේදී වෙඩි

News Room


පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයකදී ලොරි රථයකට නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් අණ කර තිබේ. එහිදී එම ලොරිය අණ තොතකා සැක සහිත ලෙස ඉදිරියට ධාවන කර ඇති අතර පසුව පොලීසිය විසින් එම රථයට වෙඩි තබා ඇත. 

එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.පොලීසිය පැවසුවේ මෙම අවස්ථාවේ දී ලොරි රථයෙන් ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page