එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද?
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.
ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කිරීම...
'1' මගින් ඡන්දයත්, '2' සහ '3' මගින් මනාප සලකුණු කළ හැකිය.ඡන්දය පමණක් භාවිත කිරීමට '1' හෝ 'X'සලකුණු කළ හැකිය.
ඒ අනුව, '1' සහ 'X'යන දෙකම ඡන්දය භාවිත කිරීමට සලකුණු නොකරන්න.
'X' සමග වෙනත් සලකුණක්, ලකුණක්, ඉලක්කමක් භාවිත නොකරන්න1 2 3 4 5 6 ලෙස ඉලක්කම් රැසක් සලකුණු නොකරන්න.
මේ අතර වැඩසටහනේදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එක් අපේක්ෂකයෙකු 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් සිදුවන ක්‍රියාදාමය පිළිබඳව ද අදහස් පළ කළේය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,
"සමස්ත ප්‍රතිඵලය අපි දැනගත් පසු කොමිෂන් සභාව තීරණය කරයි ඊළඟට උපදෙස් දෙන්න මනාප ගණන් කිරීමට."
Comments